බෝයිං 737-800 මාදිලියේ අනතුරු 23ක් දක්වා ඉහළට


චීනයේ ග්වාංෂි හිදී ඊයේ (21දා) සිදුවූ ගුවන් අනතුරට පෙර, බෝයිං 737-800 මාදිලියේ ගුවන් යානාවන් අනතුරු 22කට සම්බන්ධ වූ බව ගුවන් ආරක්ෂණ ජාලය (ASN) පවසයි.

ASN දත්ත ගබඩාවට අනුව එම සිද්ධීන් 10ක් මාරාන්තික අනතුරු වූ අතර, 2006 සැප්තැම්බර් මාසයේදී බ්‍රසීලයේ දින 18ක් පැරණි 737-800 යානයක් මිනිසුන් 154දෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණි.

2020 අගෝස්තු මාසයේදී එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ඉන්දියාවේ කෝලිකෝඩ්-කැලිකට් ගුවන්තොටුපළේ ධාවන පථයෙන් ලිස්සා යාමෙන් පුද්ගලයන් 21දෙනෙකු මිය යාමේ නවතම සිද්ධිය වාර්තා විය.

එහි ආසන්නතම සිදුවීම ලෙස ඊයේ පුද්ගලයන් 132දෙනෙකු සමඟ චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් මගී ජෙට්ලයිනර් යානයක් දකුණු චීනයේ ග්වාංෂි ස්වයං පාලන ප්‍රදේශයේ කඳුකරයකට කඩා වැටුණේ කාර්ය මණ්ඩලය හා මගීන් ඇතුළුව පුද්ගලයන් 132නෙකු සමගිනි.

යානය නිරිතදිග කුන්මිං නගරයේ සිට දකුණු චීනයේ ගුවැන්ෂු වෙත පියාසර කරමින් සිටියදී වූෂෝ නගරයට ඉහළින් සම්බන්ධතා නැති වූ බව චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය තහවුරු කළේය.

මේ මොහොත වනවිටත් වනාන්තර පෙදෙසෙහි සෝදිසි මෙහෙයුම් සිදුවුවත්, එහි ගමන්ගත් කිසිවෙකු නිරුපද්‍රිතව සිටින බව තවම තහවුර කර නැත.



Recommended Articles