බෝට්ටු මගින් සිදුවන සරණාගත ජාවාරම් සඳහා රාජ්‍ය නොවන සංවිධාන (NGO) අනුබල දෙන බවට රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙට්ටිඕ සැල්වීනී චෝදනා කරයි.
මුහුදේදී බේරාගැනුණු සරණාගතයන් පිරිසක් රැගෙන පැමිණි රාජ්‍ය නොවන සංවිධානයක යාත්‍රාවක් ඉතාලි වරායන් වෙත ඇතුළු වීම වළක්වමින් සැල්වීන් මෙම චෝදනාව සිදුකර තිබේ.
මෙසේ පැමිණි රාජ්‍ය නොවන සංවිධානයට අයත් යාත්‍රාවට මෙවැනි මෙහෙයුම් සිදුකිරීමට නිතීමය පසුබිමක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම යුරෝපය වෙත බෝට්ටු මගින් සංක්‍රමණය වීමට පැමිණෙන සරණාගතයන් විශාල පිරිසක් මූලිකව ඉතාලිය ඔවුන්ගේ ගමනේ මූලික අඩිතාලම බවට පත්කර ගනී.
මේ නිසාම වැළ නොකැඩී පැමිණෙන සංක්‍රමණිකයන් හමුවේ ඉතාලිය දැවැන්ත සමාජ අර්බුදයක පසුවන අතර, ඔවුන් මෑතක සිට මේ සම්බන්ධයෙන් යම් දැඩි ස්ථාවරයක රැඳීමට තීරණය කර තිබේ.
මේ සමගම සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවලින් බේරාගත් පිරිස් කවර තොටුපොළක් වෙත කැඳවාගෙන යන්නේද යන උභතෝකෝටිකය පැන නැගී ඇත.