බොලිවියාවේ තවත් ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (15දා) කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති අතර, මේ සමග එරට අන්තර්වාර ජනපතිනී ජෙනින් අනේස්ද ඇතුළුව රජයේ අමාත්‍යවරුන් සහ නිලධාරීන් 11 දෙනෙකු වෛරසයට ගොදුරුව ඇති බව වාර්තා වෙයි.
එහිදී ඊයේ දිනයේ හයිඩ්‍රොකාබන් අමාත්‍ය වික්ටර් හියුගෝ සමෝරා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර ඔහු ස්වයං හුදකලාවට යොමුකළ බව අමාත්‍යාංශය විසින් බදාදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
නියෝජ්‍ය සන්නිවේදන අමාත්‍ය ඉසබෙල් ෆර්නැන්ඩස්ද ඊයේ දිනයේ වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර දැනට ස්වයං හුදකලාව සිටින බව සඳහන් වෙයි.
ඒ අනුව බොලීවියාවේ අන්තර්වාර ජනපතිනී ජෙනින් අනේස්ද ඇතුළුව කැබිනට් අමාත්‍යවරුන් 17දෙනාගෙන් 7 දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ සන්නද්ධ හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් සර්ජියෝ ඔරෙලානා යන ඉහළ නිලධාරීන් 11 දෙනා මෙසේ වෛරසයට ධනාත්මක වී තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (16දා) උදෑසන වනවිට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිත අගය 50,867ක් වන අතර, ආසාදිත මරණ සංඛ්‍යාව 1,898කි.