බොල්සොනාරෝ යළිත් බ්‍රසීලය බලා පැමිණෙයි


ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු රටින් පළා ගිය බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ යළිත් සිය මවු රටට පැමිණ තිබේ.

අන්ත දක්ෂිණාංශික නායකයා ෆ්ලොරීඩා නුවර මාස තුනක කාලයක් ගත කිරීමෙන් පසුව මෙසේ යළි බ්‍රසීලය වෙත පැමිණ ඇති අතර, ඔහු යළි පැමිණෙන අවස්ථාවේදී ගුවන් තොටුපොළට දැවැන්ත ආරක්ෂාවක් සපයා ඇත.

පසුගිය මැතිවරණයේ පරජය භාර නොගත් ඔහු, මැතිවරණ දූෂණයක් සිදුව ඇති බව පවසමින් වත්මන් ජනාධිපති ලූලා ද සිල්වාගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කළේය.



Recommended Articles