බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ නව අගමැති ධුරයට සමීප වෙයි


බොරිස් ජොන්සන් කන්සවර්ටිව් පක්ෂයේ නව නායකයා ලෙස ජයග්‍රහණය කිරීමත් සමග ඔහු මහා බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැතිවරයා ලෙස පත්වීමට නියමිතව තිබේ.

සාමාජික ඡන්ද විමසීමේදී ජෙරමි හන්ට් පරාජය කරමින් ඡන්ද 92,153ක් ලබාගැනීමට බොරිස් ජොන්සන් සමත්ව ඇති අතර, හන්ට් වෙත ලබාගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 46,656ක් පමණි.

ඒ අනුව, හෙට දිනයේදී වත්මන් බ්‍රිතාන්‍ය අගමැති තේරේසා මේ පාලනය අවසන් වෙමින්, බොරිස් ජොන්සන් එරට නව අගමැතිවරයා ලෙස පත්වනු ඇත.

මෙම ජයග්‍රාහී අවස්ථාව සමරමින් ජොන්සන් පවසා සිටියේ ජෙරමි කොර්බෙයින් පරාජය පත්කරමින් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය නව මාවතකට ගෙන යන බවයි.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින හමුවෙමින් ඔහු පවසා ඇත්තේ රටට නව පණක් ලබාදීමට තමන් සූදානම් බව පවසා ඇත.



Recommended Articles