ඔපෙක් සංවිධානය විසින් එලැඹෙන පෙබරවාරි මාසයේ සිට දෛනිකව බොරතෙල් නිෂ්පාදනය බැරල් 400,000කින් වැඩි කිරීමට එකඟ වූ බව විදෙස් වාර්තා පවසයි.
මේ ආකාරයෙන් බොරතෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට ඔපෙක් සංවිධානය පියවර ගැනීම හරහා ඉදිරියේදී ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල පහළ යනු ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.