බොරතෙල් නිෂ්පාදනය නංවන්න යැයි ට්‍රම්ප් සෞදියෙන් ඉල්ලා සිටී


ඉහළ යමින් පවතින ඉන්ධන මිලට පිළියමක් ලෙස සිය බොරතෙල් නිෂ්පාදනය ඉහළ දමන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, සෞදි අරාබියෙන් ඉල්ලීමක් කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියේ දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 2ක් දක්වා වැඩිකරන ලෙස තමන් සෞදියේ සල්මාන් රජු වෙත ඉල්ලීමක් කළ බවයි.

එම ඉල්ලීමට සෞදි රජු එකඟ වූ බවද ට්‍රම්ප් පවසයි.

ඉරානය වෙත තවදුරටත් සම්බාධක පැනවීම සඳහා ඇමෙරිකාව සූදානම් වීමත් සමග පසුගිය සතියේදී තෙල් මිල ශීඝ්‍ර ඉහළ යෑමක් පෙන්වා තිබේ.

මේ තත්ත්වය තුළ බොරතෙල් නිෂ්පාදනය ඉහළ දැමීමට ඔපෙක් තීරණයක් ගෙන තිබුණත්, එය සමස්ත මිල පාලනය කෙරෙහි බලපෑමක් කර නොතිබුණි.

මේ තත්ත්වය තුළ ඇමෙරිකානු නායකයා සෞදි රජු සමග බොරතෙල් නිෂ්පාදනය ඉහළ දැමීමට සාකච්ඡා කර තිබුණි.



Recommended Articles