ලෙබනන්යේ බේරූට් නගරයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පසුව ඒ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්විය යුතු බවට වූ ඉල්ලීම් වර්ධනය වෙමින් තිබේ.
ඇමෝනියම් නයිට්රේට් මෙතරම් තොගයක් නගර මධ්‍යයේ ගබඩාවක තබා ගැනීමට ගත් තීරණය දේශපාලන ප්‍රභූ පැලැන්තියේ දූෂණය, නොසලකා හැරීම සහ වැරදි කළමනාකරණය පිළිබඳ දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් බව ලෙබනන් ජාතිකයෝ අවිශ්වාසයෙන් හා කෝපයෙන් චෝදනා කරති. ඒ අනුව මෙසේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳ කතාබහ වැඩිවී තිබේ.
කෙසේ වෙතත් ලෙබනන ජනාධිපති මයිකල් අවුන් එවැනි පියවරක් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, වරාය ආශ්‍රිතව සිදුවූ මෙම පිපිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම පිටුපස ඇති ඉලක්කය සත්‍ය වසාලනු ඇති බවයි.
නොසැලකිලිමත්කම, හදිසි අනතුරක් හෝ රොකට් හෝ බෝම්බ ප්‍රහාරයක් වැනි බාහිර මැදිහත්වීමකින් මෙය සිදුවූයේද යන්න ආදී වශයෙන් කරුණු තුනක් මූලික කරගනිමින්, රජයේ සහාය ඇතිව විමර්ශනය කරමින් සිටින බව ඔහු පැවසීය.
එහිදී දැනට බලධාරීන් පවසා ඇත්තේ පිපිරීම ගින්නක් ඇතිවූ බවක් පෙනෙන්නට ඇති බවය. කෙසේ වෙතත් ජනාධිපති අවුන් සඳහන් කළ ඉහත සඳහන් තුන්වැනි කාරණය පිළිබඳව මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බවද කියැවේ.
ජනාධිපති සහ අගමැති පවසා ඇත්තේ ඇමෝනියම් නයිට්රේට් පොහොර ලෙස පොදුවේ භාවිත කරන නමුත් පුපුරණ ද්‍රව්‍යයක් බවටද එය පත්විය හැකි බවයි. 2014 සිට කිසිදු පූර්වාරක්ෂාවකින් තොරව වරායේ ගබඩා කර තිබූ මෙම භාණ්ඩ තොගය, නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ අත්අඩංගුවට ගැනීමකි.
ඒ අනුව විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන් සහ නොසැලකිලිමත් ලෙස වගකීම පැහැර හැරි අයට දැඩි දඬුවම් ලබාදෙන බවද පසුගිය බදාදා ජනාධිපතිවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් සෑහීමකට පත් නොවූ ඇතැම් පිරිස් රජයට විරෝධය දක්වමින් පසුගියදා විරෝධතාවක්ද පවත්වා තිබුණි.
මේ අතර බේරූට් හි අඟහරුවාදා සිදු වූ විනාශකාරී පිපිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ ආයතන ලෙබනනයේ මානුෂීය අර්බුදයක් ගැන අනතුරු අඟවා තිබේ.
පිපිරීමට පෙර ලෙබනනය විශාල ආර්ථික පසුබෑමකට ලක්ව තිබූ අතර, මෙම පිපිරීමෙන් එය වඩාත් තීව්‍ර කර තිබේ. මෙම අනතුරින් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 154ක් මියගොස් 5,000ක් තුවාල ලබා, 300,000කට නිවාස අහිමි වී ඇත.
ලෝක ආහාර වැඩසටහන පැවසුවේ බේරූට් වරායට සිදු වූ හානිය ආහාර සැපයුමට බාධාවක් වන අතර එදිනෙදා ආහාරවල මිල ඉහළ යනු ඇති බවය.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ සෞඛ්‍ය පද්ධතියට බරපතල හානි සිදුව ඇති අතර රෝහල් තුනක් ක්‍රියාත්මක නොවන බවයි.
අඟහරුවාදා පිපිරීමට පෙර ලෙබනනයෙන් 75% කට ආධාර අවශ්‍ය වූ අතර, 33% කට රැකියා අහිමිව තිබුනි. මිලියනයක ජනතාවක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වූහ.
ලෝක ආහාර වැඩසටහනේ ප්‍රකාශක එලිසබෙත් බයර්ස් ජිනීවාහි වාර්තාකරුවන්ට පැවසුවේ රටේ විශාලතම බේරූට් වරායට සිදුවී ඇති දැඩි හානිය පිළිබඳව සංවිධානය කනස්සල්ලට පත්ව ඇති බවත්, එරට පස් දෙනෙකුගෙන් යුත් පවුලකට මසකට පෝෂණය කිරීම සඳහා ප්‍රමාණවත් වන ආහාර පාර්සල් 5,000ක් යවන අතර තිරිඟු පිටි සහ ධාන්‍ය ආනයනය කිරීමට සැලසුම් කරමින් සිටින බවත්ය.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් අනතුරු ඇඟවූයේ ලෙබනනයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, සමහර ඒවා ක්‍රියාත්මක නොවීමෙන් ඇඳන් 500ක් පමණ අහිමිව ඇති බවය.
සාමාන්‍යයෙන් ලෙබනනයේ මිලියන 1.5ක සිරියානු සරණාගතයන්ට සහාය දෙන එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය කියා සිටියේ අවශ්‍ය සියලු දෙනා සඳහා හදිසි නවාතැන් ද්‍රව්‍ය මුදා හරින බවය.
මේ අතර ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වටිනා ආහාර හා ඖෂධ වහාම යැවීමට සැලසුම් කර ඇති බව එක්සත් ජනපදය සිකුරාදා නිවේදනය කළ අතර, ප්‍රංශ ජනාධිපතිවරයා සිද්ධිය සියැසින් දැකගැනීමට ගියේය.