ධවල මන්දිරයට අනුව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳුදා බෙලාරුසියානු නායකත්වයේ නියෝජිතයින්ට එරෙහිව පනවා ඇති සම්බාධක තවත් වසරකින් දීර්ඝ කර තිබේ.
"බෙලාරුස් රජයේ ඇතැම් සාමාජිකයින්ගේ සහ වෙනත් පුද්ගලයින්ගේ ක්‍රියා සහ ප්‍රතිපත්ති, සහ බෙලාරුසියානු පාලන තන්ත්රයේ හානිකර ක්‍රියාකාරකම් සහ දිගුකාලීන අපයෝජනයන්, එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට අසාමාන්‍ය තර්ජනයක් දිගටම එල්ල කරයි." යනුවෙන් ධවල මන්දිරය පැවසීය.
බෙලරුසියානු රජය රුසියාව වෙත පක්ෂපාතීත්වයක් දැක්වීම සහ රුසියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම මෙම සම්බාධකවලට ප්‍රධාන හේතුවක් බව විදෙස් විචාරකයන් පෙන්වා දෙයි.