රුසියාවේ න්‍යෂ්ටික අවි බෙලාරුස් රාජ්‍යයේ ස්ථානගත කිරීමට අවසර ලබාදුනහොත් එරට වෙත තවදුරටත් සම්බාධක පැනවීමක් සිදුවන බවට යුරෝපා සංගමය අනතුරු අඟවයි.
යුරෝපා සංගමයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ජෝසප් බොරෙල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ බෙලාරුස් රාජ්‍යයට තවමත් මෙම ක්‍රියාවට නැවැත්වීමට අවස්ථාව පවතින බවයි.
කෙසේ වෙතත් යම් ලෙසකින් රුසියානු න්‍යෂ්ටික අවි බෙලාරුස් රාජ්‍යයේ ස්ථාපිත කිරීමක් සිදුවුවහොත් දැනටමත් පනවා ඇති සම්බාධක තවත් වැඩිවීම නොවැළැක්විය හැකි බවද බොරෙල් අවධාරණය කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් එරට න්‍යෂ්ටික අවි බෙලාරුස් රාජ්‍යයෙහිද ස්ථානගත කිරීමක් සම්බන්ධයෙන් පවසා සිටීමත් සමග මෙසේ යුරෝපය යළි තිගැස්මකට ලක්ව තිබේ.