බෙල්ජියමේ වට්ටක්කා පහුරු තරගය කලකට පසුව යළිත්


විශාල වට්ටක්කා ගෙඩිවල මදය හාරා සකසාගත් පහුරු යොදාගෙන සිදුකරන බෙල්ජියමේ සාම්ප්‍රදායික තරගාවලිය මෙවර වඩාත් උත්කර්ෂවත් ලෙස පවත්වා තිබේ.

කොවිඩ්-19 වසංගතයත් සමග ඇණහිට තිබූ මෙම තරගාවලිය සඳහා සහභාගී වන තරගකරුවන් විවිධ වර්ණවත් ඇඳුම් හා ආයිත්තම්වලින් සැරසී සිටීමද විශේෂත්වයකි.

අතීතයේදී මේ සඳහා යොදාගත් විශාලතම වට්ටක්කාර ගෙඩියක බර කිලෝග්‍රෑම් 400ක් පමණ වුවද, මේ වනවිට නූතන කෘෂිකාර්මික ක්‍රමවේද යොදා ගනිමින් සකසන ඇතැම් වට්ටක්කා ගෙඩි බරින් කිලෝග්‍රෑම් 1,000 ඉක්මවන බවද සඳහන් වෙයි.



Recommended Articles