බෙල්ජියමේ මිනිසුන් යට කරගෙන රථයක් පදවලා


බෙල්ජියමේ වොලෝනියා ප්‍රදේශයේ සැණකෙළියකට සහභාගී වෙමින් සිටි සෙනඟක් මැදින් මෝටර් රථයක් අධික වේගයෙන් පැදවීමෙන් කුඩා දරුවෙකු ඇතුළු කිහිප දෙනෙකු මියගොස් ඇති අතර, තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබේ.

බ්‍රසල්ස් නුවරට කිලෝමීටර් 50ක් උතුරින් පිහිටි වොලෝනියා හිදී අලුයම 5 ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ. බෙල්ජියමේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, එයින් 06දෙනෙකු මිය ගිය අතර තවත් 37දෙනෙකු තුවාල ලබා ඇත. ඔවුන්ගෙන් දස දෙනෙකුගේ තත්ත්වය බරපතල බව එම අමාත්‍යාංශය පවසයි.

"වචන නැහැ. සිරුරු පාරේ විසිරී තිබුණා. වේදනාවෙන් සිටින මිනිසුන් දැකීම අතිශය ඛේදජනකයි" අසල්වැසි නගරයක් වන ලා ලුවියර් හි මුලසුන හොබවන නගරාධිපති ජැක් ගොබර්ට් පැවසීය.

මෝටර් රථයේ රියදුරු පැන යාමට උත්සාහ කළ නමුත් පසුව අල්ලාගෙන ඇති අතර, ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරෙන බව සඳහන් වෙයි. නගරාධිපතිවරයා "ව්‍යසනයක්" ලෙස මෙය විස්තර කළේය.



Recommended Articles