බෙලරූස් සිය ආරක්ෂාව සහතික කිරීමට සූදානම් බවත්, අවශ්‍ය නම් රුසියාවෙන් සහාය ඉල්ලා සිටින බවත්, එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
පෝලන්තය සමග වූ දේශසීමාවලින් දහස් ගණන් සංක්‍රමණිකයන් යුරෝපයට ඇතුළු වීමට උත්සාහ දරමින් සිටින අතර, මේ වනවිට රුසියානු සහ බෙලාරූස් පැරෂුට් භටයින් බටහිර බෙලරූස් හි යුද පුහුණුවීමකද නිරතව සිටියි.
මේ තත්ත්වය තුළ බෙලරූස් වෙත යුරෝපයෙන් යම් තර්ජනයක්ද එල්ල වී ඇති අතර, එම වටපිටාව සමග එරට ආරක්ෂක අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.