බෙලරුසියාවට පත්වූ නව ප්‍රංශ තානාපති පලවා හරියි


බෙලරූස් රාජ්‍යයේ ප්‍රංශ තානාපති ලෙස අලුතින් පත්වූ නිකොලස් ද බොයිලේන් ද ලැකොස්ටේ වෙත එරට මින්ස්ක් නගරයෙන් ඉවත්ව යන ලෙස බලධාරීන්ගෙන් ලැබුණු ඉල්ලීම පරිදි ඔහු රට හැර ගොස් ඇතැයි එරට තානාපති කාර්යාලය නිවේදනය කළේය.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ තානාපති ද ලැකොස්ටේ සිය අක්තපත්‍ර භාරදීම සඳහා බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ හමුවී නොමැති බවයි.

ඒ වෙනුවට විදේශ ඇමති ව්ලැඩිමීර් මැකී වෙත අක්තපත්‍ර භාරදීමට ඔහු කටයුතු කිරීම මෙසේ ඔහුට රටින් ඉවත්ව යෑමට හේතු වී ඇති බව කියයි.



Recommended Articles