බෙනින් රාජ්‍ය වෙත දෙවැනි චීන එන්නත් තොගය ලැබේ


චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොවැක් කොවිඩ්-19 එන්නත් මෙන්ම සිරින්ජර දෙවැනි තොගය බෙනින් රාජ්‍ය වෙත ලැබී තිබේ.

බෙනින් හි චීන තානාපති පෙන්ග් ජින්ග්ටෝ සහ බෙනින් සෞඛ්‍ය අමාත්‍ය බෙන්ජමින් හොන්ග්පටින් අතර බදාදා පස්වරුවේ මෙම භාණ්ඩ තොගය භාරගැනීමේ ලේඛන අත්සන් කෙරිණි.

බෙනින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම පරිත්‍යාගය 2021 මාර්තු 21 වැනි දින සිදු කරන ලද පළමු වැනි එන්නත් තොගයෙන් පසුව ලැබෙන දෙවැනි එන්නත් තොගය බවයි. මුලින් ලැබුණු එන්නත්වලින් තම රට තුළ එන්නත් දියත් කිරීමට විශාල සහායක් ලැබුණු බව හෙතෙම සඳහන් කළේය. ඔහුට අනුව, වසංගතය ආරම්භ වූදා සිට චීනය බෙනින් වෙත ඉතා ඉක්මනින් ආධාර කළ අතර, වසංගතයට එරෙහි බෙනින් රාජ්‍යයේ සටනේ සෑම අදියරකදීම සෑමවිටම චීනය සිය සහයෝගය පෙන්නුම් කර ඇත.

මේ අතර චීන තානාපති පෙන්ග් පැවසුවේ බෙනින් වැසියන්ට සාමාන්‍ය ජීවිතයක් සොයා ගැනීමට උපකාර කිරීම සඳහා මෙම පරිත්‍යාගය තුළින් චීනයේ නව සහයෝගීතාවේ දෑත් දිගුවූ බවයි. චීනය සැමවිටම බෙනින්හි විශ්වාසවන්ත හවුල්කරුවෙකු, මිතුරෙකු සහ සහෝදරයෙකු ලෙස රැඳී සිටින බව ඔහු අවධාරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, බෙනින් හි ජනවාරි 3 දා වනවිට කොවිඩ්-19 එන්නත් මාත්‍රා 1,815,764 ක් ලබා දී ඇති අතර, පුද්ගලයින් 1,421,442 ක් සම්පූර්ණයෙන් එන්නත් කර ඇත. එය සමස්ත ජනගහනයෙන් 11.7%කි.



Recommended Articles