බෘනායි හි සුල්තාන් වෙත කොවිඩ් එන්නත ලබාදෙයි


බෘනායි හි සුල්තාන් හසානාල් බොල්කියා වෙත සිය පළමු වැනි කොවිඩ්-19 මාත්‍රාව ඊයේ (01දා) දිනයේ ලබාදුන් බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ සීනොෆාම් යන කොවිඩ්-19 එන්නත් තුනක් බෘනායි විසින් මෙතෙක් අනුමත කර ඇති නමුත් සුල්තාන්ට ලැබුණේ කවර එන්නත දැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර නැත.

කොවිඩ්-19 හේතුවෙන් බෘනායි රාජ්‍යයේ මේ දක්වා මරණ 213ක් වාර්තා වී තිබේ.



Recommended Articles