බූස්ටර් මාත්‍රාව ඩෙල්ටාව හීලෑ කරනවා - ඊශ්‍රායලය


කොවිඩ්-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරයාම හමුවේ ඊශ්‍රායලය ආරම්භ කළ බූස්ටර් හෙවත් තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩපිළිවෙළ හරහා වෛරසයේ පැතිරීම මන්දගාමී වීමේ ලකුණු පෙන්වන බව කියයි.

ලොව වේගවත්ම එන්නත් දියත් කිරීමේ ප්‍රතිලාභ රට ලබා ගැනීමට පටන් ගැනීමෙන් පසුව, ජුනි මාසයේදී ඩෙල්ටා ප්‍රභේදය යළි ඊශ්‍රායලයට පහර දුන්නේය. එය ඊශ්‍රායලයේ ඉතා සුළු වශයෙන් පැවති ආසාදන තත්ත්වය පසුගිය සතිය වනවිට දෛනිකව ආසාදන 7,500ක් සහ ශුන්‍ය අගයක පැවති මරණ 150ක් දක්වා වැඩි කිරීමටද හේතු විය.

එරට විද්‍යාඥයින් පැවසුවේ බූස්ටර් මාත්‍රාව ලබාදීමෙන් ආසාදනවලට බලපෑමක් ඇති වන අතරම, නියමිත සෞඛ්‍ය පුරුදු ඇතුළු අනෙකුත් සාධකද මෙසේ යළිත් ආසාදන පහත වැටීමට දායක වනු ඇති බවයි.

"මේ වනවිට වසංගතය පැතිරීමේ වේගය මෙන්ම ආසාදන අනුපාතයේ ඉතා ඉහළ වැඩිවීම, අඩු වී ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා" ඊශ්‍රායල් රජයේ උපදේශකයෙකු සහ දත්ත විද්‍යාඥයෙකු වන එරාන් සෙගල් පැවසීය.

"මෙය තුන්වැනි බූස්ටර් මාත්‍රාව ලබාගැනීම වගේම, එන්නත් ලබා නොගත් එන්නත් ගැනීමට පෙළඹීම, ආසාදනය වීමෙන් පසුව ඇතිවන ස්වභාවික ප්‍රතිශක්තීකරණය සහ නිසි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ ප්‍රතිඵල නිසාද සිදුවිය හැකියි" සෙගල් වැඩිදුරටත් පැවසීය.



Recommended Articles