බූස්ටර් නොව මාත්‍රා පරිත්‍යාග කිරීම ගැන සිතන්න - WHO


කොවිඩ්-19 එන්නත ධනවත් රටවල බූස්ටර් මාත්‍රාවක් ලෙස භාවිත කරනවාට වඩා තම ජනතාවට ප්‍රතිශක්තිකරණය ලබාදී නොමැති දුප්පත් රටවල් සමග බෙදාගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියි.

එසේම මේ දක්වා කොවිඩ්-19 එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය බව පෙන්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් කියා සිටියේ ලෝකයේ එන්නත් විෂමතාවට හේතු වී ඇත්තේ කෑදරකම බවයි. ධනවත් රටවල් වෙත අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මාත්‍රාවන් ලබාදීම වෙනුවට දුප්පත් රටවලට තම වැඩිපුර මාත්‍රාවන් සැපයීමට ප්‍රමුඛතාව දෙන ලෙසද ඔහු ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔහුගේ ආයාචනය ලැබෙන්නේ එක්සත් ජනපදය ඇතුළු සමහර බටහිර රටවල ඖෂධ සමාගම් තුන්වැනි මාත්‍රාව බූස්ටර් මාත්‍රාවක් ලෙස භාවිත කිරීමට අවසර ලබාගැනීමේ උනන්දුව ගැන අදහස් දක්වමිනි.

"අපි මේ වනවිට සවිඥානිකව තේරීම් කරන්නේ අවශ්‍යතා ඇති අය ආරක්ෂා කිරීම සඳහායි." ටෙඩ්‍රොස් පැවසුවේ, එක් මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති පුද්ගලයන්ට එන්නත් ලබාදීම සඳහා වහාම ප්‍රමුඛතාව දිය යුතු බවයි.

ගෝලීය වශයෙන් එන්නත් බෙදාහැරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිටුබලය ඇති මුලපිරීම ගැන සඳහන් කරමින් ඔහු ෆයිසර් සහ මොඩෙර්නා යන නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටියේ කෝවැක්ස් වෙතින් අප්‍රිකානු එන්නත ලබාගැනීමේ කාර්ය සාධක කණ්ඩායම සහ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට ඉතා අඩු ආවරණයක් ලබාදීම ගැන සිහිපත් කරමිනි.

ගෝලීය කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සති 10කින් පහත වැටීමෙන් පසුව, ටෙඩ්‍රොස් පැවසුවේ කොවිඩ්-19 මරණ යළිත් නැගීමට පටන් ගෙන ඇති බවත් අතිශයින්ම බෝවන ඩෙල්ටා ප්‍රභේදය ව්‍යසනකාරී රැළි ඇති කිරීමට හේතු වන බවත්ය.

ෆයිසර් සහ මෝඩර්නා වෙතින් එන්නත්වලින් බහුතරයක් ධනවත් රටවල් විසින් අත්පත් කරගෙන ඇති අතර සමාගම් දෙක එකඟ වී ඇත්තේ මාත්‍රාවෙන් සුළු ප්‍රමාණයක් පමණක් පරිත්‍යාග කිරීමටය. දුප්පත් රටවල් 60ක් පමණ එකතැන පල්වෙන එන්නත් ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, එමගින් එන්නත් සැපයුම්කරුවන්ට ලබාදිය හැක්කේ වසර අවසාන වනවිට පමණක් බවද කියැවෙයි.

තෙවැනි මාත්‍රාව සඳහා අවසර ලබාගැනීමේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ෆයිසර් සඳුදා එක්සත් ජනපදයේ ඉහළ නිලධාරීන් හමුවිය. පසුගිය සතියේ සමාගම කියා සිටියේ බූස්ටර් මාත්‍රාවකින් ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි අතර සමහර විට කනස්සල්ලට පත්වන ප්‍රභේදයන් වළක්වා ගත හැකි බවයි. කෙසේ වෙතත් එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කළ පරිදි, සම්පූර්ණයෙන්ම එන්නත ලබාදුන් ඇමෙරිකානුවන් දැඩි ලෙස ආරක්ෂා කර ඇති අතර, තවමත් බූස්ටර් අවශ්‍ය නොවේ.

කෙසේ වෙතත් 50ට වැඩි අය හා වඩාත් අවදානමට ලක්විය හැකි අය ඉලක්ක කරමින් බූස්ටර් එන්නතක් ලබාදීමේ සැලැස්මක් බ්‍රිතාන්‍යය සලකා බලයි.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම විශේෂඥයන් විසින් ප්‍රතිශක්තිකරණයට ලක්වූවන් තුළ බූස්ටරයක අවශ්‍යතාව පිළිබඳව විවාද කළහ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පැවසුවේ "මේ අවස්ථාවේදී බූස්ටර් මාත්‍රාවක් අනිවාර්යයෙන්ම අවශ්‍ය බවට විද්‍යාත්මක සාක්ෂි නැහැ. එවැනි උපදෙසක් අවශ්‍ය නම් බූස්ටර් මාත්‍රාව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනු ඇති. නමුත් ඒ සඳහා විද්‍යාව හා දත්ත මත පදනම් විය යුතුයි. මන්දයත් එන්නත් දැන් බූස්ටර් මාත්‍රාවක් ලෙස ලබාදිය යුතු යැයි ප්‍රකාශ කිරීම තනි සමාගම් මත සිදු නොවිය යුත්තක්" යනුවෙනි.



Recommended Articles