බූස්ටර් ගත්තොත් ඔමික්‍රෝන්ට එරෙහි සියයට 85ක ආරක්ෂාව


කොවිඩ්-19 බූස්ටර් එන්නත් මාත්‍රාව මගින් ඔමික්‍රෝන් ප්‍රභේදය මත ඇති කළ හැකි බලපෑම විශ්ලේෂණය කළ බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් අවධාරණය කළේ, එමගින් දරුණු රෝගාබාධවලට එරෙහිව 85%ක පමණ ආරක්ෂාවක් ලබාදිය හැකි බවත්, රෝහල්ගත වීමේ අවස්ථාව අඩුකළ හැකි බවත්ය.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් පැවසුවේ, "මෙය ජාතික මෙහෙවරක් වන අතර අප සැමට ඉටු කිරීමට කාර්යභාරයක් තිබෙනවා. එබැවින් ඔබේ කමිස අත් උඩට අකුළාගෙන, හැකි ඉක්මනින් ඔබේ ආරක්ෂාව ලබා ගන්න." යනුවෙනි.

විශේෂඥයන් දරුණු රෝගාබාධ වැළැක්වීමේ හොඳම මාධ්‍ය ලෙස බූස්ටර් මාත්‍රාව පෙන්වා දුන්නද, තවමත් ලොවපුරා එන්නත් ලැබීමට සුදුසුකම් ලැබූ ඉහළ වයස් කාණ්ඩවලටද ප්‍රමාණවත් ප්‍රතිශතයකින් බූස්ටර් මාත්‍රාව ලබා දී නොතිබීම ගැටලුව තීව්‍ර කරනු ඇති බවට අනතුරු ඇඟවෙයි. 



Recommended Articles