බූස්ටරය අත්‍යවශ්‍ය බව WHO අවධාරණය කරයි


බූස්ටරයට පෙර එන්නත් අසමානතාව වැළැක්වීම හෙවත් මූලික එන්නත් ලබාගැනීමට නොහැකි වූ අයට එන්නත් කිරීම සිදුකළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර සිටි මතය වෙනස් කරමින්, බූස්ටර් මාත්‍රාව ඉක්මනින් ලබාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කැඳවන ලද විශේෂඥ කණ්ඩායමක් අඟහරුවාදා කියා සිටියේ කොවිඩ්-19 වෛරසයට එරෙහිව බූස්ටර් එන්නත් මාත්‍රාව කඩිනමින් ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි.

ප්‍රකාශයක් නිකුත් කරමින් WHO පැවසුවේ, අධික ලෙස බෝවන ඔමික්‍රෝන් ප්‍රභේදයේ ගෝලීය සංසරණය මධ්‍යයේ කොවිඩ්-19 හි බූස්ටර් එන්නත් සමග ප්‍රතිශක්තිකරණය ඉහළ නංවමින්, දරුණු රෝග හා මරණවලට එරෙහිව ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සපයන බව එහි විශේෂඥ කණ්ඩායම නිගමනය කළ බවයි.



Recommended Articles