බුරුන්ඩි ජනාධිපති පියරේ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට


බුරුන්ඩි ජනාධිපති පියරේ නුරුන්සිසා හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රජය පවසයි.

55 හැවිරිදි වියේ පසුවූ ජනාධිපතිවරයා, අසනීප තත්ත්වයක් හේතුවෙන් සෙනසුරාදා රෝහලට ඇතුළත් කර ඇති අතර, මුලින් ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති නමුත් පසුගිය සඳුදා ඔහුට හෘදයාබාධයක් ඇතිව තිබේ.

එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රකෘති තත්ත්වයට ගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වූ බව සඳහන් කරයි.

වසර 15ක් බලයේ සිටි ජනාධිපති පියරේ එලැඹෙන අගෝස්තු මාසයේදී ඉල්ලා අස්වීමට නියමිතව තිබුණි.

2015 දී ඔහු තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කරන බවට කළ නිවේදනය රට අවුල් ජාලයකට ඇද දැමීය.

කෙසේ වෙතත් ජනාධිපති පියරේ ඔහුගේ පාපන්දු ඇල්ම නිසා වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටි බවද කියැවෙයි.



Recommended Articles