බුර්කිනා ෆාසෝ වෙත එල්ල වූ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 10 දෙනෙකු සහ හමුදා සාමාජිකයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බුර්කිනා ෆාසෝ හි උතුරු නගරයේ ෆවුබ් හි හමුදා කඳවුර ඉලක්ක කරගත් මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 10දෙනෙකු සහ හමුදා සාමාජිකයන් 9දෙනෙකු මිය ගිය බව සන්නිවේදන ඇමති සහ රජයේ ප්‍රකාශක ඔසේනි තම්බෝරා තහවුරු කළේය.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නොමැති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.