බුර්කිනා ෆාසෝ ප්‍රහාරවලින් 30කට අධික පිරිසක් මරුට


උතුරු බුර්කිනා ෆාසෝ හි නගරයක ජලය එකතු කරමින් සිටි පුද්ගලයින් 8දෙනෙකු සන්නද්ධ සටන්කාමීන් විසින් සඳුදා මරා දැමීමත් සමග, සිවිල් වැසියන්ගේ සහ සන්නද්ධ පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දින තුනක් ඇතුළත 32ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් එරට හමුදාව ප්‍රකාශ කළේ, සෙන්ටර්-නෝර්ඩ් ප්‍රදේශයේ, ටපාර්කෝ අසල සැඟවී සිට එල්ල කරන ලද ප්‍රහාරයකින් නාඳුනන තුවක්කුකරුවන් 13දෙනෙක් ඉරිදා මරා දැමූ බවයි.

සහෙල් ප්‍රදේශයේ රන් ආකරයක් ඉලක්ක කරගත් ප්‍රහාරයකින් සෙනසුරාදා අවම වශයෙන් පුද්ගලයින් 10දෙනෙකු මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය ඉරිදා වාර්තා කළේය.



Recommended Articles