බුර්කිනා ෆාසෝ හි නැගෙනහිර කලාපයේ මැඩ්ජෝරි දිස්ත්‍රික්කයේ නාඳුනන සන්නද්ධ මිනිසුන් විසින් බදාදා එල්ල කරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
මැයි 14 වැනි දින එම ප්‍රදේශයේම සිවිල් වැසියන්ට එල්ල වූ ප්‍රහාරයකින් 17දෙනෙකු මියගොස් 7දෙනෙකු තුවාල ලැබීය.
එමෙන්ම, මැයි 19 වැනි දින මැඩ්ජෝරි හි හමුදා කඳවුරට එරෙහි තවත් ප්‍රහාරයකින් සොල්දාදුවන් 11දෙනෙකු මිය ගොස් තවත් 20දෙනෙකු තුවාල ලැබීය.