බුද්ධගයාව යළි බැතිමතුන් සඳහා විවෘත කෙරෙයි


කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබුණු ඉන්දියාවේ නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් බුද්ධගයා මහා විහාරය බැතිමතුන්ගේ වන්දනාවන් සඳහා යළි විවෘත කර තිබේ.

ඉන්දියාවේ වේගයෙන් පැතිරගිය කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අප්‍රේල් මාසයේදී වසා දැමීමෙන් පසුව බුද්ධගයාව වන්දනා කිරීම සඳහා පැමිණි බැතිමතුන් බොහෝ සතුටට පත්ව සිටි බව විදෙස් වාර්තා පවසයි.

මහාබෝධි විහාරය නැවත විවෘත කිරීම තුළින් බැතිමතුන්ට නැවතත් මෙම අසිරිමත් පූජනීය ස්ථානය වන්දනා කර ගැනීමටත්, එම විහාරය සංකීර්ණය මත යැපෙන මිනිසුන්ගේ ජීවනෝපාය නැවත සරිකර ගැනීමට හැකිවන බව බැතිමතෙකු වූ අනුරාග් කුමාර් පැවසීය.

වර්ෂ 2002 දී යුනෙස්කෝව විසින් බුද්ධගයා මහා විහාරය ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී.



Recommended Articles