පුහුණු ගුවන් නියමුවන් දෙදෙනෙකු සමග ඉන්දීය හමුදාවට අයත් ගුවන් යානයක් නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේදී අනතුරට ලක්ව තිබේ.
කෙසේ වෙතත් මෙම අනතුරින් පසුව ගුවන් නියමුවන් දෙදෙනාම නිරුපද්‍රිතව සිටින බව අනාවරණය විය.
නිලධාරීන්ගේ පුහුණු ඇකඩමියට අයත් ගුවන් යානය බිහාර් ප්‍රාන්තයේ අගනුවර වන පැට්නා සිට කිලෝමීටර් 100ක් පමණ දකුණින් පිහිටි ගයා දිස්ත්‍රික්කයෙන් ගුවන්ගත වූ විගස මෙසේ කඩා වැටී ඇත.
ගයා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අධ්යක්ෂ බංගජීත් සාහා උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවක් පැවසුවේ, "ගුවන් යානයේ නියමුවන් හදිසි ගොඩබෑමක් කිරීමට උත්සාහ කිරීමේදී බුද්ධගයා කොටසට අයත් ගම්මානයකට යාබද කෙත්වතු ප්‍රදේශයකට යානය කඩා වැටී තිබෙනවා. කෙසේ වෙතත් ගුවන් නියමුවන් දෙදෙනාම ආරක්ෂිතයි." යනුවෙනි.
පුහුණු ගුවන් යානය බිමට වැටෙන ආකාරය ගම්වාසීන් දැක ඇති අතර, ඔවුන් එම ස්ථානයට ගොස් ශිෂ්‍ය නියමුවන් පිටතට ගෙන ඇති බව වාර්තා සඳහන් කළේය.
අනතුරුව පැමිණි හමුදා නිලධාරීන් විසින් ඔවුන් රැගෙන ගොස් ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.