චීනයේ, බීජිං හි ඔමික්‍රෝන් ආශ්රිත කොවිඩ්-19 රෝගීන්ගේ නවතම පොකුර මූලික වශයෙන් පාලනය කර ඇති බව නාගරික සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.
පසුගිය ජනවාරි 15දා සිට බීජිං හි ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයන් 6ක් හයක් වාර්තා වී ඇත. අඛණ්ඩව දින 10ක් පුරා නව ආසාදන කිසිවක් වාර්තා වී නොමැති බව නාගරික රෝග වැළැක්වීමේ සහ පාලන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප්‍රධානී ලියූ ෂියාඕෆෙන්ග් මාධ්‍ය හමුවකදී පැවසීය.
වසංගතය ආරම්භයේ සිටම ආසාදන පාලනය කිරීම සම්බන්ධයෙන් චීනය වඩාත් ක්‍රියාශීලීව කටයුතු කර ඇති අතර, වේගවත් එන්නත්කරණය හා පරීක්ෂා කිරීම් මෙන්ම, මූලික මහජන සෞඛ්‍ය පිළිවෙත් ජනතාව තුළ පවත්වා ගැනීමට නිරන්තරයෙන් කටයුතු කර තිබේ.
යම් ආසාදනයක් අනාවරණය වූ වහාම ක්‍රියාත්මක වෙමින්, කඩිනමින් සම්ප්‍රේෂණයන් වැළැක්වීම මගින්ම සටන ජයගැනීමට උනන්දු වූ චීනය, මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් අසාර්ථක වී ඇති පසුබිමකත්, ඉහළම ආර්ථික වර්ධනයක් සහිතව ජයග්‍රාහී මාවතක ගමන් කරන්නේ එබැවින් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.