චීනයේ නවතම කොටස් වෙළෙඳපොළ වන බීජිං කොටස් හුවමාරුව (Beijing Stock Exchange - BSE) එලැඹෙන නොවැම්බර් 15දා ව්‍යාපාර සඳහා විවෘත වන බව නිවේදනය කරයි.
BSE පිහිටුවීම සැප්තැම්බර් මාසයේදී චීන ජනාධිපති ෂී ජින්පිං විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ සේවා වෙළෙඳාම සඳහා වන 2021 චීන ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ ගෝලීය වෙළෙඳ සමුළුව අමතමිනි. සැබෑ ආර්ථිකයේ උසස් තත්ත්වයේ සංවර්ධනයට සේවය කරන නව්‍ය කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (SMEs) සඳහා ප්‍රධාන පදනමක් ලෙස නව කොටස් වෙළෙඳපොළ සකසා තිබේ.
නොවැම්බර් 12 වනවිට, BSE හි සුදුසුකම් ලත් ආයෝජකයන් වීමට ආයෝජකයින් මිලියන 2.1කට වැඩි පිරිසක් ඉල්ලුම් කර ඇති අතර, කොටස් වෙළෙඳාම ආරම්භ කිරීමෙන් පසු සුදුසුකම් ලත් ආයෝජකයන් මිලියන හතරකට වඩා වැඩි වී ඇති බව BSE පවසයි. සුරැකුම්පත් සමාගම් 112ක් BSE හි සාමාජිකත්ව සුදුසුකම් ලබාගෙන ඇති බව එය වැඩිදුරටත් සඳහන් කළේය.