ජුනි මාසයේ ආරම්භ වූ චීනයේ, බීජිං හි තොග වෙළෙඳ පොළ හා සම්බන්ධ කොරෝනා වෛරස ආසාදිත පොකුර මේ වනවිට පාලනය කර ඇති බව පෙනෙන්නට තිබේ.
ඒ අනුව චීන අගනුවර අඛණ්ඩව දින අටක් පුරා කිසිදු ආසාදිතයෙකු වාර්තා කර නොමැති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම විසින් අඟහරුවාදා ප්‍රධාන භූමියේ නව ආසාදිතයන් 5 දෙනෙකු වාර්තා කර ඇති බව සඳහන් කර තිබුණත්, ඔවුන් සියලු දෙනාම විදේශයන්ගෙන් පැමිණි අය බවද කියයි.
මෙම ආසාදිත පොකුර අවසන් කිරීම සඳහා ආසාදිතයන් හඳුනාගැනීම සහ ඔවුන්ගේ සම්බන්ධතා සොයාගැනීමටත්, කොවිඩ්-19 පරීක්ෂණ කඩිනම්ව සිදුකිරීමටත් චීන බලධාරීන් වඩාත් වේගවත් ක්‍රියාමාර්ග ගෙන තිබුණි.