චීන ජනාධිපති ෂී ජින්පිං විසින් බීජිං 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල නිල වශයෙන් විවෘත කිරීම එරට ජාතික ක්‍රීඩාංගණයේදී සිකුරාදා (04දා) සිදුව තිබේ.
බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල පෙබරවාරි 4දා සිට 20දා දක්වා බීජිං නගර මධ්‍යයේ, බීජිං හි වයඹ දෙසින් පිහිටි යාන්කිං දිස්ත්‍රික්කයේ සහ අසල්වැසි හෙබෙයි පළාතේ ෂැංජියාකෝ හි තරග කලාප තුනක පැවැත්වේ.
බීජිං 2022 හි ආදර්ශ පාඨය වන්නේ "හවුල් අනාගතයක් වෙනුවෙන් එක්ව" යන්නයි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති තෝමස් බැච් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඇතුළු ලෝක නායකයින් සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් රැසක් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වූහ.
2008 වසරේ ගිම්හාන ක්‍රීඩා උළෙල පැවැත්වූ බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙල තරගාවලි දෙකටම සත්කාරකත්වය දැක්වූ ලොව පළමු වැනි නගරය බවටද පත්වෙයි.
මෙවර ක්‍රීඩා උළෙලේදී ක්‍රමවත්, ආරක්ෂිත සහ විශිෂ්ට ක්‍රීඩාවක් ලොවට ලබා දීමට චීනය උපරිමයෙන් කටයුතු කරන බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.
2008 දී "එක් ලෝකයක්, එක් සිහිනයක්" සිට 2022 දී "හවුල් අනාගතයක් වෙනුවෙන් එක්ව" යන තේමාවන් දක්වා චීනය ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙහි සක්‍රීය දායකත්වයක් ලබාගෙන ඇති අතර, ඔලිම්පික් ආත්මය අඛණ්ඩව ජයගෙන ඇති බවද ෂී ජනාධිපතිවරයා සඳහන් කළේය.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව, චීන ජාතිකයින් මිලියන 346කට වැඩි පිරිසක් ශීත ක්‍රීඩා පුහුණුව, ආධුනික හෝ වෘත්තීය තරග හෝ ශීත ක්‍රීඩා විවේක ක්‍රියාකාරකම් සඳහා සහභාගී වී ඇති අතර, බීජිං ඔලිම්පික් ලංසුව දිනාගත් 2015 දී රජය විසින් තැබූ මිලියන 300ක ඉලක්කය ඉක්මවා ගොස් තිබේ.