බැලූන උමතුවෙන් ඇමෙරිකානු දුර්වලතා ඉස්මතු වෙනවා -චීනය


චීනයේ ඉහළ උන්නතාංශ බැලූනයක් සහ තවත් හඳුනා නොගත් එවැනි උපකරණ කිහිපයක් වෙඩි තබා බිම හෙළීමට ඇමෙරිකාව කටයුතු කිරීම උමතු ක්‍රියාවක් බව චීනය පවසයි.

චීනයේ ප්‍රමුඛතම රාජ්‍යාත්ත්‍රිකයෙකු වන හිටපු විදේශ අමාත්‍ය වැන්ග් යී පෙන්වා දෙන්නේ මෙය හුදෙක්ම උන්මත්තක සහ අහේතුක ක්‍රියාවක් බවයි.

"විරුද්ධ මතය දැරීමේදී ඇමෙරිකාව ශක්තිමත් බව පෙන්නුම් කරන්නේ නෑ" යනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන බියුරෝවේ විදේශ ප්‍රතිපත්ති මණ්ඩලයට උසස්වීමක් ලද වැන්ග් යී පවසා සිටියේය.



Recommended Articles