බැටළුවන් 14000ක් ප්‍රවාහනය කළ නෞකාවක් රුමේනියාවේදී ගිලෙයි


බැටළුවන් 14,000කට වැඩි ප්‍රමාණයක් පටවාගෙන පැමිණි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් රුමේනියාව ආසන්න මුහුදේදී අනතුරට පත්ව ඇති අතර, එහි සිටි සතුන් බේරාගැනීම සඳහා මෙහෙයුම් දියත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ක්වීන් හින්ඩ් ලෙස හැඳිනගෙන ඇති නෞකාව මිඩිඩා වරායෙන් පිටත්ව දකුණුදිග කොන්ස්ටන්ටා වරාය වෙත පැමිණෙමින් සිටියදී කළු මුහුදේදී මෙසේ අනතුරට පත්ව ඇත.

මෙම අනතුරේදී නෞකාවේ ගමන් කළ සිරියානු ජාතික නැවියන් 22 දෙනා බේරාගැනීමට සමත්ව ඇති අතර, රුමේනියානු පොලීසිය, වෙරළාරක්ෂක බලකාය, නාවික හමුදාව එක්ව බැටළුවන් බේරාගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් දියත් කරමින් සිටිති.

මේ අතර, බැටළුවන් 30ක් පමණ වෙරළට පිහිනා පැමිණ තිබුණත්, බොහෝ සතුන් ගිලී මියදෙන්නට ඇති බව විශ්වාස කෙරෙයි.



Recommended Articles