ඉරාකයේ බැග්ඩෑඩ් නුවර හරිත කලාපයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත එල්ල කරන ලද රොකට් ප්‍රහාර කිහිපයක් වැළැක්වීමට හැකි වුවත්, ප්රතිප්රහාරවලින් මිදුණු රොකට් ප්‍රහාර බැග්ඩෑඩ් නගරයේ දැවැන්ත පිපිරුමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
මධ්‍යම බැග්ඩෑඩ් හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයට එල්ල වූ රෝකට් ප්‍රහාර ප්රතිප්රහාරවලින් විනාශ කළ බව ඉරාක හමුදා පවසන අතර, එහිදී ජීවිත හෝ දේපළ හානියකින් තොරව ප්‍රතිප්‍රහාර සාර්ථක කරගැනීමට හැකිවී ඇත.
කෙසේ වෙතත් නිල නොවන වාර්තාවන්ට අනුව තවත් රොකට් ප්‍රහාර කිහිපයක් ප්රතිප්රහාරවලින් මිදී බිම පතිත වී පිපිරීම් සිදුව ඇත. කෙසේ වෙතත් ඉන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ වාර්තා නොවූවත්, බැග්ඩෑඩ් නරගයේ දැවැන්ත පිපිරුමක් සිදුකර ඇති බව කියයි. එක් මාධ්‍ය වාර්තාවකට අනුව ආසන්නයේ වූ පාසලකට එක් රොකට් ප්‍රහාරයක් පතිත වී ඇත.
දැඩි ලෙස ශක්තිමත් ආරක්ෂාවක් සහිත හරිත කලාපය ඉරාක නායක සදාම් හුසේන් බලයෙන් පහ කිරීමට කටයුතු කළ කාලයේ සිට භාවිත වූවකි. මේ වනවිට එක්සත් ජනපද භටයන්ගෙන් අතිමහත් බහුතරයක් ඉරාකයෙන් පිටව ගොස් තිබුණත්, ඉරාක තානාපති කාර්යාලය සහ ඉතිරිව සිටින හමුදා සෙබලුන් ඉරාක සටන්කාමීන්ගේ නිරන්තර ඉලක්කයක් බව කියැවෙයි.