බාලි දූපත් විදේශිකයන්ට විවෘත කළත් නීති තදයිලු


ඉන්දුනීසියාවේ බාලි දූපත් විදේශීය සංචාරකයන් සඳහා ඉතා පරිස්සමින් නැවත විවෘත කිරීමෙන් පසුව පළමු සංචාරකයන් පිරිස රැගත් ගුවන් යානය පැමිණ තිබේ.

ඉන්දුනීසියාවේ වඩාත් ප්‍රකට නිවාඩු දූපතක් වන බාලි බ්‍රහස්පතින්දා මෙසේ රට නැවත විදේශීය සංචාරකයන්ට විවෘත කරනු ලැබුවේ වසර දෙකකට ආසන්න කාලයක් වසා දැමීමෙන් පසුවය.

කෙසේ වෙතත් බාලි දූපත් විදේශිකයන්ට විවෘත කරනු ලැබූවද, එසේ රටට ඇතුළු කරගන්නා විදේශිකයන් සීමා කිරීමක් මෙන්ම, ඔවුන්ට රටට පැමිණි පසුව අනිවාර්ය දැඩි නිරෝධායනයකට ලක්විය යුතු බවද බාලි බලධාරීන් අවධාරණය කර තිබේ.



Recommended Articles