බාලි අගුන්ග් ගිනි කන්ද පුපුරා යයි - අවදානම් මට්ටම් ඉහළ දමයි


මේ අතර, ඉන්දුනීසියාවේ බාලි දූපතේ අගුන්ග් ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් අවලංගු කර තිබූ ගුවන් යානා මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව විදෙස් වාර්තා පවසයි.

පසුගියදා මෙම ගිනි කන්ද හදිසියේ පුපුරා යෑමත් වීමත් සමග ඉන් පිටවූ ගල් බොරළු සහ ලාවා කිලෝමීටර් 3ක් පමණ දුරට විසිරී තිබූ බව කියැවෙයි.

එහිදී, ගිනි කන්දට සමීපව ඇති ඇතැම් ගම්මාන වෙත යමහල් අලු පතිත වීම්ද වාර්තා වුවත්, ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව කියැවෙයි.

ඉන්දුනීසියාවේ හිදිසි ආපදා ප්‍රතිචාර ඒකකය පවසා සිටියේ මෙම විදාරණය වීම මිනිත්තු කිහිපයකට පමණක් සීමා වූ බවයි.

වර්ෂ 1963 දී මෙම ගිනි කන්ද පුපුරා යෑමෙන් පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් අනතුරුව කාලයක් නිහඬව සිටි ගිනි කන්ද 2017 වසරේදී යළි සක්‍රීය වූයේ තවත් එවැනි විශාල පිපිරුමක් පිළිබඳ බියක් ඇති කරමිනි.

කෙසේ වෙතත්, බාලි බලධාරීන් මේ වනවිට එම කලාපයේ අවදානම් තත්ත්වය ඉහළ නංවා ඇති අතර, ප්‍රදේශයේ සිටින දහස් ගණන් ජනයා ආරක්ෂිත ස්ථාන කරා යොමු කරමින් සිටියි.



Recommended Articles