ප්රංශයේ පැරිස් නුවරදී වර්ෂ 2024 ඇරඹෙන ගිම්හාන ඔලිම්පික් ක්රීඩා උළෙලේ කාලසටහන සහ අනෙකුත් තොරතුරු නිකුත් කර ඇති අතර, එම වසරේ ජූලි 26දා පැවැත්වෙන සමාරම්භක උත්සවයෙන් පසුව අගෝස්තු 11දා දක්වා තරග පැවැත්වෙයි.
මෙවර තරගාවලියට අලුතින්ම එකවතු වන තරග ඉසව්වක් ලෙස තරුණ ප්රජාව අතර වඩාත් ජනප්රිය බ්රේකින් හෙවත් බ්රේක් ඩාන්සින් නර්තන ඉසව්වක සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකෙයි. පැරිසියේ ලා කොන්කෝඩ් 1 හිදී අගෝස්තු 9 සහ 10 යන දිනවල එම තරග පැවැත්වේ. එමෙන්ම සර්ෆින් ක්රීඩාවද මෙවර තරගාවලියට අලුතින් එකතු වෙයි. හෑන්ඩ්බෝල්, පාපන්දු, රග්බි සහ දුනු විදීමේ තරග ආරම්භ ජූලි 24දා වනවිට සිදුවන බවද සඳහන් වෙයි.
2024 ඔලිම්පික් උළෙලට ලොව පුරා ක්රීඩක ක්රීඩිකාවන් 10,500ක් පමණ එක්රැස් වන අතර ක්රීඩා 32කින්, රන් පදක්කම් 329ක් සඳහා ඔවුන් තරග කරනු ඇත.
පැරිස් 2024 එහි සමාරම්භක උත්සවය වඩාත් නිර්මාණශීලී වනු ඇති බව කියයි. එය පැරිසියේ ප්රධාන ක්රීඩාංගනයේ පැවැත්වීම වෙනුවට, සෙයින් ගංගාව දිගේ සිදුවනු ඇත. ක්රීඩක ක්රීඩිකාවන් බෝට්ටුවල නැගී අයිෆල් කුළුලු ඇතුළු බොහෝ ප්රසිද්ධ ස්මාරක පසුකර යනු ඇත.