බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා ජනවාරි 31 තෙක් අවස්ථාව


බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා 2020 ජනවාරි 31 වැනිදා දක්වා කාලය දීර්ඝ කළ බව යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා කියයි.

සභාපති ඩොනල්ඩ් ටස්ක් කියා සිටියේ නම්‍යශීලී වෙමින් මේ ආකාරයෙන් කාලය දීර්ඝ කිරීමට කවුන්සිලය එකඟ වූ බවයි.

ඒ අනුව, බ්‍රෙක්සිට් සඳහා වූ එකඟතාවන්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුවහොත්, මෙම කඩඉම් දිනට පෙර වුවද අදාළ ක්‍රියාවලිය අවසන් කළ හැකි බව ටස්ක් කියයි.

එලැඹෙන දෙසැම්බර් 12 වැනිදා කලින් මැතිවරණයක් කැඳවීම සඳහා බොරිස් ජොන්සන්ගේ යෝජනාවට මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වෙමින් සිටියදී යුරෝපා කවුන්සිලයෙන් මෙම යෝජනාව ඉදිරිපත් විය.



Recommended Articles