එක්සත් රාජධානියේ ආර්ථිකය 2022 දී 5%ක වර්ධනයක් අපේක්ෂා කරන බව IMF දත්ත පෙන්වා දුන්නත්, "ඉදිරි කාල සීමාව තුළ අවදානම් සැලකිය යුතු බවත්," 2021 දී එක්සත් රාජධානියේ ආර්ථිකයේ විශාලතම කතාව වූ, ආර්ථිකය පුරා පැවති සැපයුම් දාම ගැටලු හා ඒ අවදානම 2022 දක්වාම පවතින බවට IMF අනතුරු අඟවයි.
මේ අතර, 2021 අවසන් වනවිට එක්සත් රාජධානියේ ජීවිතය වඩාත් මිල අධික වී තිබේ. සිල්ලර බඩු මිල 3.2%කින් ඉහළ ගොස් ඇති අතර, එය 2020 ජූනි මාසයේ සිට වාර්තා වූ ඉහළම උද්ධමන අනුපාතයයි. කෙටි ආහාර මිල ගණන් 7.6%කින් ඉහළ ගිය අතර, සාමාන්‍ය නත්තල් රාත්‍රී ආහාරය 3.5%කින් ඉහළ ගියේය.
එසේම කුලී රථ ගාස්තු 10%කින් ඉහළ ගොස් ඇති අතර, පාවිච්චි කරන ලද මෝටර් රථවල වටිනාකම වැඩි වෙමින් පවතින්නේ මෝටර් රථ නිෂ්පාදනය සඳහා භාවිත කරන පරිගණක චිප්වල ගෝලීය හිඟය නිසා නව වාහන නිපදවීම අඩු වීමට හේතු වී ඇති බැවිනි. අවුරුදු තුනක් පරණ Mini හැච්බැක් රථයක් 2019 දී එම වයසේ කාරයකට වඩා 2021 දී 57%කින් මිල වැඩි වී ඇත.