කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිටින බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින තවමත් මෘදු රෝග ලක්ෂණ සහිතව සිටින බව බකිංහැම් මාලිගයෙන් වාර්තා වේ.
ඒ අනුව, ඇයගේ සහභාගීත්වය සැලසුම් කර තිබූ අතථ්‍ය රැස්වීම් පවා අවලංගු කිරීමට සිදුව ඇති බව එම ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පවසයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදිතව සිටින රැජින සැහැල්ලු රාජකාරීන් පමණක් දිගටම සිදුකරනු ඇති බවද මාලිගයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණි.