එක්සත් රාජධානියේ තහවුරු කරන ලද මන්කිපොක්ස් රෝගීන්ගේ සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UKHSA) පවසයි. එහි නවතම සංඛ්‍යාලේඛන පැමිණෙන්නේ එංගලන්තයෙන් නව රෝගීන් 07දෙනෙකු සොයා ගැනීමෙන් පසුවය.
මැයි 24 වනවිට, වේල්සයේ හෝ උතුරු අයර්ලන්තයේ කිසිදු රෝගියෙකු හඳුනාගෙන නොතිබුණි.
UKHSA සෞඛ්‍ය ආරක්ෂණ කණ්ඩායම් තහවුරු කරන ලද රෝගීන්ගේ ඉහළ අවදානම් සම්බන්ධතා ලෙස සැලකෙන පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් සිටින අතර, අවදානම තක්සේරු කර ඇති අයට දින 21 ක් දක්වා නිවසේ හුදෙකලා වීමට උපදෙස් දී ඇත.