බ්‍රිතාන්‍යයේ ප්‍රථම නීත්‍යනුකූල රෙඩ් ලයිට් ස්ට්‍රීට් එක ලෙස සැලකෙන ගණිකාවන්ටම වෙන්වූ කලාපය වසා දැමීමේ තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වෙයි.
මෙම කලාපයේ මහා මාර්ග ආදී ප්‍රසිද්ධ ස්ථානවල පවා දැඩි අශෝභන හැසිරීම් ප්‍රකට කිරීමත්, එවැනි ප්‍රසිද්ධ ස්ථානවල මත්ද්‍රව්‍ය ලබාගන්නන් බහුල වීමත් මේ පිළිබඳ විරෝධාකල්පයට මූලික හේතුව වී ඇත.
ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් විවිධ වදහිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා ලීඩ්ස් නගරයේ බලධාරීන් විසින් මෙම රෙඩ් ලයිට් ස්ට්‍රීට් ව්‍යාපෘතිය ආරම්භ කරමින් ගණිකා වෘත්තියට නීතිමය ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට එම කලාපයේ ප්‍රධාන මාර්ග ආසන්නයේ, රථ ගාල්, වන ලැහැබ මෙන්ම කුඩා දරුවන් පවා ගැවසෙන උද්‍යාන ආදී විවෘත ස්ථානවල බොහෝවිට ලිංගික හැසිරීම් පෙන්නුම් කරන බවට ප්‍රදේශ වාසීන් චෝදනා කරයි.
ඒ අනුව, මෙම ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ගේ ආරක්ෂාවට ලබාදුන් අවස්ථාව අයුතු ආකාරයෙන් යෙදවෙන්නේ නම් මෙම ව්‍යාපෘතිය කඩා වැටීම නොවැළැක්විය හැකි බව ලීඩ්ස් නගර බලධාරීහු පවසති.
මීට විරෝධය දක්වන ප්‍රදේශ වාසීන් පවසන්නේ රෙඩ් ලයිට් ස්ට්‍රීට් එකක් ලෙස මෙම කලාපය නම් කෙරුණත්, උද්‍යාන හා රථගාල් ආදී විවෘත ස්ථානවල ලිංගික හැසිරීම් පෙන්නුම් කිරීමට කිසිවෙකුට කිසිදු අවසරයක් නොමැති බවයි.
එමෙන්ම, තවත් ප්‍රදේශවාසියෙකු පවසා තිබුණේ ඔවුන්ගේ කුඩා දරුවන් පවා බොහෝ අවස්ථාවල මාර්ගයේ හා උද්‍යානවල වැටී ඇති කොන්ඩම් මෙන්ම, මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නා සිරිංජර් ආදිය සොයාගන්නා නිසා එය ඔවුන්ට මහත් ප්‍රශ්නයක්ව ඇති බවයි.
මේ චෝදනා පිළිබඳ සලකා බැලීමට ලීඩ්ස් හි නගර බලධාරීන්, ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය අංශ ජනතාවගෙන් අදහස් විමසීම්ද සිදුකර ඇත. මේ සියලු තත්ත්වයන් හමුවේ බ්‍රිතාන්‍යයේ ප්‍රථම නීත්‍යනුකූල රෙඩ් ලයිට් ස්ට්‍රීට් කලාපය තවත් නොබෝ කාලයකින්ම වැසී යාමේ වැඩි හැකියාවක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.