කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කරන පුද්ගලයින්ට එක්සත් රාජධානියේ ස්වයං හුදකලා වීම සඳහා වන නීතිමය අවශ්‍යතාව පෙබරවාරි 24 වැනි බ්‍රහස්පතින්දා සිට ඉවත් කරන බව අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ, "කොවිඩ් සමග ජීවත් වීම" සඳහා වන තම රජයේ සැලැස්ම ගෙනහැර දක්වමිනි.
"අපි නීතියේ ඉතිරිව ඇති සියලුම ගෘහස්ථ සීමාවන් ඉවත් කරනවා. මෙම පෙබරවාරි 24 වන බ්‍රහස්පතින්දා සිට, ධනාත්මක පරීක්ෂණයකින් පසු ස්වයං හුදකලාවීමේ නීතිමය අවශ්‍යතාව අප අවසන් කරනවා" ජොන්සන් පොදු සභාවට පැවසීය.
"කෙසේ වෙතත් අප්‍රේල් 01දා දක්වා ධනාත්මක බව පරීක්ෂා කරන පුද්ගලයින්ට නිවසේ රැඳී සිටින ලෙස අප තවදුරටත් උපදෙස් දෙනවා. නමුත් ඉන් පසුව, පුද්ගලික වගකීම් ඉටු කිරීමට කොවිඩ්-19 රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්වද අප දිරිමත් කරනවා." අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මෙම වෙනස්කම් පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් විය යුතු අතර, එය තවමත් ලැබී නොමැත.