බ්‍රිතාන්‍යයේ දුර්වල අස්වැන්න නිසා විරූපි එළවළු කරළියට


මෙම ගිම්හානයේදී අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණික තත්ත්වයන්ගෙන් පසු නියඟයෙන් පීඩාවට පත් ගොවීන්ට සහාය වීම සඳහා එක්සත් රාජධානියේ සුපිරි වෙළඳසැල් දාමයන් දෙකක් විරූපී ස්වරූපයක් ගත් එළවළු හා පලතුරු සිය වෙළෙඳසැල්වල විකිණීමට අවසරය ලබාදී තිබේ.

සාමාන්‍යයෙන් එවැනි නිෂ්පාදන එරට වෙළෙඳපොළට පැමිණෙන ශ්‍රේණියේ නොමැති ඒවා වෙයි. නමුත් ජර්මනියට අයත් වට්ටම් සමාගමක් වන Lidl GB සහ ප්‍රකට සිල්ලර වෙළෙඳ ජාලයක් වන Waitrose පැවසුවේ නියඟයෙන් පීඩාවට පත් පලතුරු සහ එළවළු සඳහා ඒවායේ ප්‍රමාණය සහ හැඩතල ගැන මාර්ගෝපදේශ ලිහිල් කරන බවයි.

මෙම පියවර ඔස්සේ ආහාර අපතේ යාම පාලනය කිරීමටද ඔවුන් බලාපොරොත්තු වේ.

"වෙළෙඳපොළේ ඇති බෝගය අප සියල්ලන්ටම හුරුපුරුදු දේට වඩා ටිකක් වෙනස් බවක් පෙනෙන්නට තිබුණද, එය තවමත් විශිෂ්ට බ්‍රිතාන්‍යයේ ගුණාත්මක භාවයෙන්ම යුතු වෙනවා," Lidl GB ප්‍රධාන විධායක නිලධාරියා කියා සිටියේය.



Recommended Articles