බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ 10,000 සීමාව පසුකර ගිහින්


මහා බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 10,000ක් ඉක්මවින්, 10,629ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන පරිදි එරට තුළ වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවද මේ වනවිට 85,206ක් ලෙස චීනයෙන් වාර්තා වූ 83,134ක් වූ ආසාදිත අගය පසුකර තිබේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය තුළ වෛරසය ආසාදනය වූවන්ගේ සුවවීමේ අනුපාතයද ඉතා අවම අගයක් ගන්නා අතර, මෙතෙක් සුවය ලබා ඇත්තේ 626 දෙනෙකු පමණි. එසේම මේ වනවිට වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සිටින රාජ්‍යයන් අතර හයවැනි තැනටද බ්‍රිතාන්‍ය පත්ව සිටියි.



Recommended Articles