බ්‍රිතාන්‍යයේ කොවිඩ් දෛනික ආසාදන ජුනි සිට ඉහළටම එයි


එක්සත් රාජධානිය විසින් නව කොරෝනා වෛරසය සඳහා නව ආසාදිතයන් 1,062ක් ගෙවීගිය දිනයේ වාර්තා කර ඇති අතර එය ජුනි මස අග සිට එරට තුළ කොවිඩ්-19 ආසාදනවල ඉහළම දෛනික අගය බවට පත්ව තිබේ.

නිල දත්ත වලින් පෙනී යන්නේ ඉරිදා දිනයේ කොවිඩ්-19 සඳහා පුද්ගලයින් 1,062ක් ධනාත්මක වී ඇති බවය.

එක්සත් රාජධානියේ ඇතැම් ප්‍රදේශවල නව දේශීය අගුලු දැමීම් සහ දෙවැනි ආසාදන රැල්ලක් ගැන කනස්සල්ලට පත්ව සිටින අවස්ථාවක මෙසේ ආසාදිතයන් ඉහළ නැගීම ඇරඹී තිබේ.

ජුනි මාසයෙන් පසු පළමු වරට නව දෛනික ආසාදිතයන් 1,000ට වඩා ඉහළ අගයක් ගත් අවස්ථාව ලෙසද මෙය සැලකෙන අතර, එය සෙනසුරාදා වාර්තා වූ ආසාදිතයන් 758ට වඩා 304ක ඉහළ යෑමකි.

එක්සත් රාජධානියේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 312,555ක් වාර්තා කර ඇති අතර, මරණ 46,659ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles