බ්‍රිතාන්‍යයේ ෆෝබරි උද්‍යානයේ පිහි ප්‍රහාරයක් එල්ලවීම නිසා පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
එම ස්ථානයේම සිටි 25 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය මේ වනවිට සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නොසලකන නමුත් ත්‍රස්ත මර්දන නිලධාරීන් කැඳවා තිබේ.
ආරක්ෂක ආරංචි මාර්ග පවසා ඇත්තේ එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ලිබියානු ජාතිකයෙකු බවයි.
එක් ඇසින් දුටු සාක්ෂිකරුවෙකුට අනුව උද්‍යානයේ සිටින පුද්ගලයින් අතර පිහියක් අමෝරා අයෙකු පැමිණි බවත්, බොහෝ දෙනෙකු දැඩි කලබලයකට පත්වූ බවත් කියැවෙයි.
පොලිස් නිලධාරියෙකු සැකකරු මෙල්ල කර ඇති අතර, පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.