බ්‍රිතාන්‍යයේ උද්ධමනය වසර 40ක වාර්තා බිඳියි


බ්‍රිතාන්‍ය පාරිභෝගික මිල උද්ධමනය පසුගිය මාසයේදී 9.1%ක් දක්වා ඉහළ යමින් වසර 40කට පසුව එරටින් වාර්තා වූ ඉහළම උද්ධමන අගය වාර්තා කර තිබේ.

එමෙන්ම, එය G7 ජාතීන්ගෙන් ඉහළම අගය වන අතර, බ්‍රිතාන්‍ය තුළ ආරම්භ වී ඇති දුම්රිය වැඩවර්ජනය මධ්‍යයේ උද්ධමනයේ ඉහළ යෑමද එරටට දැඩි බලපෑමක් එල්ල කර ඇත.

ජාතික සංඛ්‍යාලේඛන සඳහා එක්සත් රාජධානියේ කාර්යාලයේ වාර්තා සමග, අප්‍රේල් මාසයේ පැවති 9.0% සිට මැයි මාසයේ උද්ධමනය මෙසේ 9.1%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වර්ෂ 1982 මාර්තු මාසයෙන් පසුව එරටින් වාර්තා වන වඩාත් නරකම දත්ත බව කියයි.

උද්ධමනය, අර්ධ වශයෙන් බ්‍රෙක්සිට්-ආශ්‍රිත අර්බුදයන්ද හේතු වී ඇති අතර, එය යුරෝපීය සංගමය සමග වෙළෙඳ සබඳතාවල පලුදුවීමටද හේතු විය.

මැයි මාසයේදී බ්‍රිතාන්‍යයේ උද්ධමන අනුපාතය එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලියට වඩා වැඩි අගයක් ගෙන තිබේ. ජපානය සහ කැනඩාව තවමත් මැයි සඳහා පාරිභෝගික මිල දත්ත වාර්තා කර නොමැති අතර, එම රටවලද උද්ධමනයේ සැලකිය යුතු ඉහළ යෑමක් වාර්තා කළ හැකිය.



Recommended Articles