ට්‍රක් රථ රියදුරන්ගේ දැඩි හිඟයක් හේතුවෙන් සැපයුම් දාමයන් නඩත්තු කිරීමට රට අරගල කරන බැවින් බ්‍රිතාන්‍ය හමුදාව ඉන්ධන ලබාදීම ආරම්භ කර තිබේ.
බ්‍රෙක්සිට් සහ කොවිඩ්-19 අර්බුද හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ඌරු මස්, පෙට්‍රල් සහ කුකුළු මස් සිට ඖෂධ සහ කිරි දක්වා සියලුම සැපයුම් දාමයන් බිඳවැටීමට තුඩු දී ඇත.
ට්‍රක් රථ රියදුරන්ගේ හිඟය මධ්‍යයේ භීතියෙන් ඉන්ධන මිලදී ගැනීම පසුගිය සතියේ ප්‍රධාන නගර පුරා අවුල්සහගත තත්ත්වයක් ඇති කර තිබුණි.
ඉන්ධන පිරවුම්හල් තුළ වාහන දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, පෙට්‍රල් පොම්ප සම්බන්ධයෙන් ජනතාව විදිවල පහරදී ගන්නා ආකාරයද දැකිය හැකි විය. ඇතැම් අය පැරණි ජල බෝතල්වල සහ ප්ලාස්ටික් බෑග්වල පවා ඉන්ධන ගබඩා කළහ.