බ්‍රිතාන්‍යයේ ආහාර බැංකු දැඩි පීඩනයක්ට ලක්වෙලා


මහා බ්‍රිතාන්‍යයේ ද්විත්ව ඉලක්කම් උද්ධමනය සමග ඇතිවූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යෑම හමුවේ එරට ආහාර බැංකු වෙත බලාපොරොත්තු නොවූ ඉල්ලුමක් සමග පීඩනයක් ඇතිවී තිබේ.

නිදහස් ආහාර ආධාර ජාලය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව එරට තුළ ක්‍රියාත්මක ස්වාධීන ආහාර බැංකු 550ක් හෙවත්, 89%ක් පමණම මෙම පීඩනයට ලක්ව ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ පෙර වසරවලට සාපේක්ෂම මෙම වසරේ පෙරනොවූවිරූ ඉල්ලුමක් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී දක්නට ලැබුණු බවයි.



Recommended Articles