රට දැවැන්ත ආර්ථික අර්බුදයක පවතින බව බ්‍රිතාන්‍ය සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාර තේරුම්ගත යුතු බවත්, මේ තත්ත්වය තුළ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවට නඟන චෝදනා මෙන්ම, වේතන ඉහළ දමන ලෙසට සිදුකරන ඉල්ලීම් නැවැත්විය යුතු බවත් බෑන්ක් ඔෆ් ඉංග්ලන්ඩ් ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා පවසයි.
ආර්ථික විද්‍යාඥ හූව් පිල් සඳහන් කරන්නේ, කොවිඩ්-19 වසංගතය, යුක්රේනයේ යුද ගැටුම් සහ අස්වනු අඩුවීම යන විවිධ කම්පනයන් මෙම ආර්ථික අර්බුදයට තුඩුදී ඇති බවයි.
මේ තත්ත්වය තුළ වසර 40ක කාලය තුළ බ්‍රිතාන්‍යයේ භාණ්ඩ හා සේවා මිලෙහි උපරිම ඉහළ යාමක් දක්නට ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම පසුබිම තුළ ඉහළ යන වියදම් ආයතන හා ව්‍යාපාර මෙම වියදම් එකිනෙකාට හුවමාරු කරමින් යෑම හරහා තත්ත්වය තවත් උග්‍ර වන බවද හෙතෙම සඳහන් කළේය.
මේ නිසා රට ආර්ථික අර්බුදයක පවතින බව සියලු දෙනා තේරුම් ගනිමින්, තමන්ට වැටෙන බර තවෙකෙකු වෙත හුවමාරු කිරීමෙන් තොරව කටයුතු කිරීමේ වැදගත්කමද හෙතෙම අවධාරණය කළේය.